අන්තිම කැමැත්ත අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට
අද දිනයේ උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප‍්‍රාප්තවූ ආචාර්ය අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම් ලබන 5 වනදා දක්වා සිදු කරන්නට කටයුතු යොදා ඇති බව ඥාතීන් දන්වා තිබෙනවා.
අමරදේවයන් ජීවත්ව සිටියදී කළ අවසන් කැමැති පත්‍ර ඉල්ලීම අනුව ඉතා චාම් ආකාරයට සියලූ කටයුතු ඉෂ්ට කරන ලෙස දන්වා ඇති අතර වැඩි කල් නොයවා දින දෙකකින් පමණ සිරුර වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ප‍්‍රයෝජනය පිණිස යොමු කරන ලෙසද ඉල්ලා තිබී ඇත.




