මන්නාරම තලෙයිමන්නාරම ප්රධාන වීදියේ දෙකේ කණුව ප්රදේශයේ පිහිටා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පෙරේදා (01දා) සිට ඉවත් කළ බැව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවැසුවේ කඳවුරු නිලධාරීන් වවුනියාව, කුරුක්කල්, පුදුකුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත කොට ඇති බවයි.




