අර්ජුන් මහේන්ද්‍රන් හෙට ශ්‍රී ලංකාවට

අර්ජුන් මහේන්ද්‍රන්
සිය සමීප මිතුරකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටව ගිය රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානි හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගී වූ විවාහ මංගල්‍ය පැවැතියේ ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවරය.

අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් !

No-confidence motion against premier!
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන 'ලිච්චවි ක්‍රමයට' ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා එම ප්‍රකාශය කළේ ඊයේ (31 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

සිගරට් අද සිට රුපියල් 5කින් ඉහළට

දුම්වැටි මිල ගණන්
දුම්වැටි මිල ගණන් අද (01) සිට තවත් රුපියල් 5කින් ඉහළ යනවා. ඒ, වැට් බද්ද අද සිට කි‍්‍රයාත්මක වීම හේතුවෙන්.

ඒ අනුව දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. රුපියල් 42ට වඩා වැඩි මුදලකට අලෙවි කළ දුම්වැටි රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ. එහි උපරිමය රුපියල් 10ක්.

රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් හමුවට

රවිරාජ් ඝාතන නඩුව
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා හා ඔහුගේ ආරක්ෂාවට සිටි ‍පොලිස් සැරයන්වරයා වෙඩිතබා ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් හයදෙනාට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ ජූරි සභාවක් හමුවේ ලබන 22 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (31) තීරණය කළේය.

'ආවා ගෲප් ' කල්ලියට මාත් කැමති නෑ

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්
උතුරේ "ආවා ගෲප්" සංවිධානයට තමන් පමණක්‌ නොව උතුරේ ජනතාවත් අකැමැත්ත පළ කරන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.

උතුරේ ආවා ගෲප් සංවිධානය සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා දරන අදහස්‌ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ හෙතෙම එසේ කියා සිටියේය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.