ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු අවුරුදු 88ක් ආයු වළඳා අද (13දා) අභාවප්‍රාප්ත වී තිබේ.
වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටි යුග පුරුෂයෙකු ලෙස සැලකෙයි.




