රමිත් රඹුක්වැල්ලට රු: 29000 දඩයක්

නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ( Ramith rambukwella ) තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තේය.

ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට නියෝග කළේය.

දහම්ගේ ප්‍රභූ ආරක්ෂකයින් ඉවතට

ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පසුගිය (07) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධ සිදුවීමත් සමග ජනපති පුත් දහම් සිරිසේන සමග සිටි සියලුම ප්‍රභූ ආරක්ෂකයින් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙසින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

'අයියෝ' ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට

ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ භාවිත වන වචනයක් වෙන ‘අයියෝ’ (Aiyo) ලොව පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එහි නවතම සංස්කරණයට මෙම වචනය එක්කර තිබේ.

දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්‍රකාශ කිරීමට එම වචනය භාවිත කරන බව ශබ්ද කෝෂය මගින් හඳුන්වා දෙයි.

තොල්පෙති අතරින් ඇල්ලුවේ මෙහෙමයි

“අපි තවත් ෆිල්ම් එකක් ෂූට් කරන්න ප්ලෑන් කළා..... ඔයාට අද එන්න පුළුවන්ද.....?”

“ඒ ෂූට් එක කොහේද තියෙන්නේ....?”

“එදා ෂූට් කරපු වේයන්ගොඩ ගෙදරමයි.....”

“හා... හරි හරි.... මම එන්නම්..... මට වෙහිකල් එකක් එවන්නකෝ......”

තමා ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වූ සුමිත් ගෙන් ලද දුරකථන ඇමතුමට ඇයගෙන් ලැබුණේ සාර්ථක ප්‍රතිචාරයකි. ඇමතුම ලබාදුන් අධ්‍යක්ෂකවරයා ඒ මොහොතේම ඇය ගෙන්වා ගැනීම සඳහා වෑන් රථයක් යැවීමට ද කටයුතු කළේය.

පරීක්ෂණ නිසා ඒඩ්ස් ආසාධිතයින් වාර්තාවීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස 9ක කාලය තුළ එච්.අයි.වී. ආසාධිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී.ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 10% ක පමණ වර්ධනයක් බව ඔහු පෙන්වා දෙයි.මේ වසරේ ගත වු කාලය තුළ එච්.අයි.වී. ආසාධිත වූ පුද්ගලයින් එකසිය හැත්තෑ දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් බහුතරයක් වයස අවුරුදු 25ට වැඩි පිරිමි පුද්ගලයින් බව සඳහන්ය.