නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්රිකට් ක්රීඩක රමිත් රඹුක්වැල්ල ( Ramith rambukwella ) තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තේය.
ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්රයද මුදා හැරීමට නියෝග කළේය.




