'අයියෝ' ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට

ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ භාවිත වන වචනයක් වෙන ‘අයියෝ’ (Aiyo) ලොව පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එහි නවතම සංස්කරණයට මෙම වචනය එක්කර තිබේ.

දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ කනගාටුව, පශ්චාත්තාපය, වැනි දේ ප්‍රකාශ කිරීමට එම වචනය භාවිත කරන බව ශබ්ද කෝෂය මගින් හඳුන්වා දෙයි.

තොල්පෙති අතරින් ඇල්ලුවේ මෙහෙමයි

“අපි තවත් ෆිල්ම් එකක් ෂූට් කරන්න ප්ලෑන් කළා..... ඔයාට අද එන්න පුළුවන්ද.....?”

“ඒ ෂූට් එක කොහේද තියෙන්නේ....?”

“එදා ෂූට් කරපු වේයන්ගොඩ ගෙදරමයි.....”

“හා... හරි හරි.... මම එන්නම්..... මට වෙහිකල් එකක් එවන්නකෝ......”

තමා ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වූ සුමිත් ගෙන් ලද දුරකථන ඇමතුමට ඇයගෙන් ලැබුණේ සාර්ථක ප්‍රතිචාරයකි. ඇමතුම ලබාදුන් අධ්‍යක්ෂකවරයා ඒ මොහොතේම ඇය ගෙන්වා ගැනීම සඳහා වෑන් රථයක් යැවීමට ද කටයුතු කළේය.

පරීක්ෂණ නිසා ඒඩ්ස් ආසාධිතයින් වාර්තාවීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස 9ක කාලය තුළ එච්.අයි.වී. ආසාධිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී.ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 10% ක පමණ වර්ධනයක් බව ඔහු පෙන්වා දෙයි.මේ වසරේ ගත වු කාලය තුළ එච්.අයි.වී. ආසාධිත වූ පුද්ගලයින් එකසිය හැත්තෑ දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් බහුතරයක් වයස අවුරුදු 25ට වැඩි පිරිමි පුද්ගලයින් බව සඳහන්ය.

මහනුවරින් අභිරහස් උමගක් (PHOTOS)

මහනුවර - බදුල්ල රජ මාවතේ කන්දහන්දිය, කැප්පෙටියාව ප්‍රදේශයේදී අඩි 30ක් පමණ ගැඹුරැති අභිරහස් උමගක් එහි ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

කන්දහන්දිය, කැප්පෙටියාව ගම්මානයේ ජල පහසුකම් නොමැති නිවාස සඳහා ජලය ලබාදීමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුවූ බව ප්‍රදේශවාදීන් කියයි.

සෙල්ෆියක් ගන්න ගිහින් තරුණියකට වෙච්ච දේ !

selfie නිසා ජිවිත නැති වුණ කතා අපිට ඕනෑ තරම් මාධයෙන් අහන්න දකින්න ලැබුණත් අනතුරු සහිත තැන්වල සෙල්ෆි ගහන එක නවත්තන්නේ නැහැ.මේ වෙලා තියෙන්නෙත් ඒ වගේ සිද්ධියක්.

ඉන්දියාවේ දිල්ලි නගරයේ කතුරු ඔන්චිල්ලාවක ගිය කැම්පස් තරුණියක් සෙල්ෆියක් ගන්න ගිහින් ඔන්චිල්ලාවත් කඩාගෙන වැටිලා.ඇයගේ මුළු කොන්ඩයම එම අනතුරෙන් විනාශ වුණා. හිසටත් ගොඩක් තුවාල සිදුවෙලා.