කොටිහඬ රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් කටයුතු කළ ඉසප්රියා නැමැත්තිය මෙරට යුද්ධයේ දී රජයේ ආරක්ෂක අංශ අතින් අමානුෂික ලෙස ඝාතනය වූ බවට සකස් කළ තමිල්නාඩු චිත්රපටයක් ප්රදර්ශනය කිරීම මදුරාසි මහාධිකරණය විසින් තහනම් කර තිබේ.
කේ. ගනේෂ් නැමැති චිත්රපට අධ්යක්ෂවරයා විසින් නිර්මාණය කර තිබෙන පෝර්කලාතිල් - ඔරු - පූ හෙවත් යුද බිමේ කුසුම ලෙස නම් කළ මෙම චිත්රපටය ප්රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදීම ඉන්දීය සිනමා රැඟුම් පාලක මණ්ඩලය ප්රතික්ෂේප කර ඇත.




