රන් මිල නැවතත් පහළට

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.රන් අවුන්සයක මිල සති අන්තය වනවිට සටහන්වූයේ ඇමරිකන් ඩොලර් 1258 ක් ලෙසයි.

එය පසුගිය සතියට වඩා සියයට 5 ක පමණ පහත වැටීමක්.මේ අතර රන් මිල පහත වැටීමත් සමඟ ලොව විශාලතම රන් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවේ රන් භාණ්ඩ අලෙවිය සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.විශේලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළදී රන් අවුන්සයක මිල ඩොලර් 1200 ට වඩා පහත වැටීමට ඉඩ ඇති බවයි.

පිරිමින් අතර පියයුරු පිළිකාව වැඩි වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මෙන්ම පිරිමින් අතරද පියයුරු පිළිකාව (breast cancer) ශීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව නව පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ වාර්තාවන්ට අනුව පියයුරු පිළිකාවට වැඩිපුර ගොදුරුවන්නේ අවුරුදු 45 ඉක්ම වූ කාන්තාවන්.

ජයලලිතාගේ තත්ත්වය බරපතළයි

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් රෝහල් ගතකොට තුන්වැනි සතියද ඉක්ම යමින් තිබුණද ඇයගේ රෝගී තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පවතින බව අලුත්ම ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශ වේ. 

ඇය සිහිසුන්ව සිටින බවත් එම තත්ත්වයෙහි වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර ඉන්දියාවේ සමාජ මාධ්‍ය බොහොමයක් වාර්තා කර ඇත්තේ ඇය මොළයේ මරණයකට බඳුන් වී ඇති බවය.

පීනසට හොඳම බෙහෙත මෙන්න

රනිල්ගෙන් විමල්ට ආරාධනයක්!

දෙපාර්ශ්වය අතර වන දේශපාලන අවබෝධය වෙනුවෙන් සාකච්ඡාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පණිවිඩයක් යවා ඇති බව දැන ගැනීමට තිබේ.
 
ප්‍රසිද්ධියේ සාකච්ඡාවක් සඳහා එකඟ විය නොහැකි බවට වීරවංශ මහතාගේ පාර්ශ්වයෙන් පිළිතුරක් යවා ඇති නමුත් මේ වන විට එම පාර්ශ්ව දෙක අතර යම් අවබෝධයක් මත දේශපාලන කටයුතු සිදු වෙමින් තිබෙන බව ද අනාවරණය වේ.