කොටි නිවේදිකාව මැරුවැයි හැදූ චිත්‍රපටිය තහනම්

කොටිහඬ රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් කටයුතු කළ ඉසප්‍රියා නැමැත්තිය මෙරට යුද්ධයේ දී රජයේ ආරක්ෂක අංශ අතින් අමානුෂික ලෙස ඝාතනය වූ බවට සකස් කළ තමිල්නාඩු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම මදුරාසි මහාධිකරණය විසින් තහනම් කර තිබේ.

කේ. ගනේෂ් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කර තිබෙන පෝර්කලාතිල් - ඔරු - පූ හෙවත් යුද බිමේ කුසුම ලෙස නම් කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදීම ඉන්දීය සිනමා රැඟුම් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ඇඳුම් ගලවා පහරදී ගුද මාර්ගයට බටයකුත් දාලා

තඹුත්තේගම ප්‍රදේශයේ තරුණයකු වැව් පිටියකට රැගෙන ගොස් දෑත් බැඳ, ඇඳුම් ගලවා ගුද මාර්ගයට යකඩ බටයක් ඇතුළු කර බරපතළ තුවාල සිදු කර ඔහු සතු ජංගම දුරකතනය පැහැරගෙන ගොස් සිටි සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය. 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ ආබාධිත සෙබළකු හා තවත් දෙදෙනෙකි.

එජාප මන්ත්‍රිට හොල්මනක් ගහලා

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අද්භූත සිදුවීමකින් බිම වැටී මුහුණ තුවාල වී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් පසුගිය සිකුරාදා (7දා) අලුයම 3ට පමණ අද්භූත සිදුවීමකට මුහුණ පෑ බවයි.

රන් මිල නැවතත් පහළට

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.රන් අවුන්සයක මිල සති අන්තය වනවිට සටහන්වූයේ ඇමරිකන් ඩොලර් 1258 ක් ලෙසයි.

එය පසුගිය සතියට වඩා සියයට 5 ක පමණ පහත වැටීමක්.මේ අතර රන් මිල පහත වැටීමත් සමඟ ලොව විශාලතම රන් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවේ රන් භාණ්ඩ අලෙවිය සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.විශේලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළදී රන් අවුන්සයක මිල ඩොලර් 1200 ට වඩා පහත වැටීමට ඉඩ ඇති බවයි.

පිරිමින් අතර පියයුරු පිළිකාව වැඩි වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මෙන්ම පිරිමින් අතරද පියයුරු පිළිකාව (breast cancer) ශීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව නව පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ වාර්තාවන්ට අනුව පියයුරු පිළිකාවට වැඩිපුර ගොදුරුවන්නේ අවුරුදු 45 ඉක්ම වූ කාන්තාවන්.