වාහන දුම් පරීක්ෂාවේදී තිබිය යුතු කාබන් මෙනොක්සයිඩ් වායු ප්‍රතිශතය පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි 6% සිට 4% දක්වා අඩුකර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහනේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඒ අනුව නව ප්‍රමිතිය පසුගිය මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද ඔහු කියාසිටියේය.




