මත්තලට ආ ගුවන් යානයේ කුරුල්ලකු හැපිලා

මත්තල ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ගුවන්යානයක ඉදිරි එන්ජිමේ කුරුල්ලකු හැපීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් බස්සවා ගමන නතර කර තිබේ.
කුරුල්ලා ගැටීමෙන් ගුවන්යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වීමත් සමඟම අනෙක් එංජිමේ ක්‍රියාකාරිත්වය තුළින් නිරුපද්‍රිතව යානය ගොඩබැස්සවීමට නියමුවා සමත්විය.
ඊයේ (06දා) උදෑසන 7.15ට මත්තල ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමකට අයත් කටුනායක සිට ඩුබායි බලා ගමන් කරන ගුවන් යානයේ මෙම කුරුල්ලා ගැටී තිබිණි. ඒ වන විට එහි ගමන් කරමින් සිටි මගීන් 43 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 07 දෙනකු ගුවන්යානයෙන් බස්සවා ගමනද නතර කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ රැලිය හෙට රත්නපුරේදී

'අරගලයට පණ පොවන නව ජනතා බලවේගය' ගොඩනැඟීමේ මංගල ජන රැලිය හෙට (8දා) සවස 3ට රත්නපුර නගරයේදී පැවැත්වේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයේ අනාගත දේශපාලන ව්‍යාපාරය ගැන මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂිතය. 

ලොලිපොප් එකේ යකඩ ඇණයක්

තම දරුවාගේ පස්වැනි උපන් දිනය දා මිලට ගෙන දුන් ලොලිපොප් ටොෆියේ තිබී යකඩ ඇණයක කොටසක් හමුවූ බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එම්.බාලා නමැත්තා පවසයි.

හැටන් - දික්ඔය මානික්කවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් ඉකුත් 05දා හැටන් නගරයට පැමිණියේ සිය දරුවාගේ පස්වැනි උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමටය. නැවත යමින් සිටියදී දරුවාගේ පෙරැත්ත කිරීම නිසාම ප්‍රසිද්ධ වෙළෙඳසලකින් මෙම ලොලි පොප් එක මිලදී ගත් බව ඔවු කීය.

බිරින්දෑ පිටුපෑ නිසා ඇඟ කපාගෙන

මෙයට මාස 6කට පමණ පෙර විවාහ වී පවුල් ආරවුලක් මත සැමියා සමඟ අමනාපව මාස දෙකක් තිස්සේ තම මහගෙදරට වී සිටින බිරිය හමුවී තරහ මරහ අමතක කර ගෙදර යමු යැයි කළ යෝජනාව බිරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් සැමියෙක් ඇය ඉදිරිපිටදී අතේ පස්පොළක් කපාගෙන එම බ්ලේඩ් තලය ගිලදැමූ පුවතක් නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නුවරඑළිය නගර මධ්‍යයේදී ඉකුත් 4දා මෙය සිදුව ඇති අතර බිරිය විසින් සැමියා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.

මහේලට උණුසුම් පිළිගැනීමක් - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන අද (06දා) යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ වුණා. එය දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතය. ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා වාට්ටුවක් ඉදිකිරිම වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා. පාගමන අතරතුළදී මහේලට උතුරේ තරුණියකගෙන් උණුසුම් පිළිගැනිමක් ලැබුණා.

ඒ සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමයි.