තම දරුවාගේ පස්වැනි උපන් දිනය දා මිලට ගෙන දුන් ලොලිපොප් ටොෆියේ තිබී යකඩ ඇණයක කොටසක් හමුවූ බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එම්.බාලා නමැත්තා පවසයි.
හැටන් - දික්ඔය මානික්කවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් ඉකුත් 05දා හැටන් නගරයට පැමිණියේ සිය දරුවාගේ පස්වැනි උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමටය. නැවත යමින් සිටියදී දරුවාගේ පෙරැත්ත කිරීම නිසාම ප්‍රසිද්ධ වෙළෙඳසලකින් මෙම ලොලි පොප් එක මිලදී ගත් බව ඔවු කීය.




