ලොලිපොප් එකේ යකඩ ඇණයක්

තම දරුවාගේ පස්වැනි උපන් දිනය දා මිලට ගෙන දුන් ලොලිපොප් ටොෆියේ තිබී යකඩ ඇණයක කොටසක් හමුවූ බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එම්.බාලා නමැත්තා පවසයි.

හැටන් - දික්ඔය මානික්කවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් ඉකුත් 05දා හැටන් නගරයට පැමිණියේ සිය දරුවාගේ පස්වැනි උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමටය. නැවත යමින් සිටියදී දරුවාගේ පෙරැත්ත කිරීම නිසාම ප්‍රසිද්ධ වෙළෙඳසලකින් මෙම ලොලි පොප් එක මිලදී ගත් බව ඔවු කීය.

බිරින්දෑ පිටුපෑ නිසා ඇඟ කපාගෙන

මෙයට මාස 6කට පමණ පෙර විවාහ වී පවුල් ආරවුලක් මත සැමියා සමඟ අමනාපව මාස දෙකක් තිස්සේ තම මහගෙදරට වී සිටින බිරිය හමුවී තරහ මරහ අමතක කර ගෙදර යමු යැයි කළ යෝජනාව බිරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දුකට පත් සැමියෙක් ඇය ඉදිරිපිටදී අතේ පස්පොළක් කපාගෙන එම බ්ලේඩ් තලය ගිලදැමූ පුවතක් නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නුවරඑළිය නගර මධ්‍යයේදී ඉකුත් 4දා මෙය සිදුව ඇති අතර බිරිය විසින් සැමියා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.

මහේලට උණුසුම් පිළිගැනීමක් - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන අද (06දා) යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ වුණා. එය දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතය. ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා වාට්ටුවක් ඉදිකිරිම වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා. පාගමන අතරතුළදී මහේලට උතුරේ තරුණියකගෙන් උණුසුම් පිළිගැනිමක් ලැබුණා.

ඒ සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමයි.

ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේම දෙවැනියා දුකෙන්

2016 පහ ශේ‍ර්ණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා ලෙස ඊයේ (5දා) අලුයම සිට රාජ්‍ය තොරතුරු ඒකකයේ සිට විවිධ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලද කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා මෙත්මින්යා දැරිය හදිසියේ නැවත දෙවැනියා කිරීමෙන් එම දැරිය මෙන්ම මවුපියන් සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මහත් අපහසුතාවට පත්ව ඇත.

මේ පිළිබඳව රුවන්යා දැරිය කඳුළු පිරි දෙනෙතින් අප හා පැවැසුවේ ලංකාවෙන්ම දෙවැනියා වුණත් මුලින් මවුපියන් ඇතුළු පිරිස සතුටට පත් කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බව දැනගත් පසු අපි හැමෝම අසරණ වුණා. ලැජ්ජා වුණා. මම ලංකාවෙන්ම පළමුවැනියා වීමට හීන මැව්වේ නෑ. මගෙ ඉලක්කය වුණේ ලකුණු 180ක් පමණ ප්‍රමාණයක්. ඒත් මේ තත්ත්වයට අපිව පත් කෙළේ රජයේ තොරතුරුවලින්මයි. මට දැන් තියෙන්නේ සතුටකට වඩා කනගාටුවක්.

මවක් දරු දෙදෙනා දමා රට ගිහින්

ලෝක ළමා දිනය ගෙවී දින 4ක් ගතවීමට මත්තෙන් එනම් ඊයේ (5දා) බළන්ගොඩ ප්‍රදේශයේ දෙදරු මවක් තම දරුවන් දෙදෙනා අතහැර දමා විදේශගතව ඇතැයි එම කාන්තාවගේ වයස අවුරුදු 13ක් වන වැඩිමහල් පුත්‍රයා බළන්ගොඩ පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ.

සිය නැඟණිය වන වයස අවුරුදු තුනහමාරක් වන දැරිය සමඟ බළන්ගොඩ පොලිසියට පැමිණ ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට දින 3කට ඉහතදී තම මව විදේශගත වීම සඳහා තමන් හා නැඟණිය මවගේ සහෝදරිය (පුංචි අම්මා) වෙත භාරදී නිවෙසින් පිටවූ බවයි. පුංචි අම්මා ඊයේ (5දා) ප්‍රකාශ කර ඇත්තේ නැඟණිය භාර නොගත් අතර භාර ගත්තේ ඔහු පමණක් බවයි.