ක්‍රීඩක සචිත්‍රගෙන් ගීතයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් සිය නවතම ගීතය එළි දක්වා තිබෙනවා.

‘රුහිරු බිඳු කිරි රසට හරවා’ යනුවෙන් මව්ගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් ගායනා කර තිබෙන අතර එය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙනවා.

සිංහල හොඳින් කථාකරන පින්ලන්ත යුවතිය


සුදු ජාතික කාන්තාවක් ඉතා චතුර ලෙස සිංහල භාෂාව කතා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

එම වීඩියෝව දැක්වෙන ආකාරයට මෙම කාන්තාව පිංලන්ත ජාතිකයෙක්.

එහිදී ඇය සිංහල ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමග සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදෙනෙ අයුරුයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ.

විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවේ

උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ජාතිවාදියකු යැයි තමා විශ්වාස නොකරන බවත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බැව් කියා සිටියේ ඊයේ (03) දෙමළ ජනමාධ්‍යවේදීන් හා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

යාචකයන්ටත් ඡන්දය දැමීමට වරම්

නගරවල සිඟමන් යදිමින් ජීවත්වන යාචකයන්ට සහ අහිගුණ්ඨික ජනතාවට ඡන්ද වරම් ලබාදීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

'සැමට ඡන්දය' හිමිකරදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරිසද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඒ සඳහා තම අවධානය මේ වන විට යොමු කර ඇති බව පැවැසීය.

විදුලි බිල වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී විදුලි බිල ඉහළ යන ලකුණු පහළ වී තිබේ. දැනට පවත්නා නියඟ තත්ත්වය යටතේ විදුලිය සැපැයිය නොහැකි බැවින් පවත්නා ගාස්තු සියයට පහකින් වැඩි කර දෙන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම නිසා විදුලි ගාස්තු ඉහළ යෑමක් සිදුවිය හැකි බවට අනුමාන කෙරේ.

ලංකා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව විමසීමේදී මාධ්‍ය අංශය පැවැසුවේ ඔත්තෝබර් පළමුවැනිදා සිට විදුලිබල මණ්ඩලය සියයට පහකින් විදුලි ගාස්තුව වැඩිකරන ලෙසට ඉල්ලා ඇති බවයි.