යාචකයන්ටත් ඡන්දය දැමීමට වරම්

නගරවල සිඟමන් යදිමින් ජීවත්වන යාචකයන්ට සහ අහිගුණ්ඨික ජනතාවට ඡන්ද වරම් ලබාදීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

'සැමට ඡන්දය' හිමිකරදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරිසද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඒ සඳහා තම අවධානය මේ වන විට යොමු කර ඇති බව පැවැසීය.

විදුලි බිල වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී විදුලි බිල ඉහළ යන ලකුණු පහළ වී තිබේ. දැනට පවත්නා නියඟ තත්ත්වය යටතේ විදුලිය සැපැයිය නොහැකි බැවින් පවත්නා ගාස්තු සියයට පහකින් වැඩි කර දෙන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම නිසා විදුලි ගාස්තු ඉහළ යෑමක් සිදුවිය හැකි බවට අනුමාන කෙරේ.

ලංකා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව විමසීමේදී මාධ්‍ය අංශය පැවැසුවේ ඔත්තෝබර් පළමුවැනිදා සිට විදුලිබල මණ්ඩලය සියයට පහකින් විදුලි ගාස්තුව වැඩිකරන ලෙසට ඉල්ලා ඇති බවයි.

රනිල් නවසීලන්තයෙන් ඉන්දියාවට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් සිවු දින නිල සංචාරයක් සඳහා අද (4දා) පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලියට පැමිණෙති.

සිය තෙදින නවසීලන්ත නිල සංචාරය නිමවීමෙන් පසු වෙලින්ටන් නුවර සිට නවදිල්ලියට පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා ප්‍රධාන ඉන්දීය ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් කිහිප පළක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

TV බැලුවොත් ආයුෂ අඩු වෙනවා !

දිනකට පැය හයක් රූපවාහිනිය නරඹන අයකුගේ ආයු කාලය දිනකට විනාඩි 22ක් කෙටි වන බව නවතම පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි ජේ‍යෂ්ඨ කථිකාචාර්ය තරංග සමරවික්‍රම මහතා පැවැසීය.

තවදුරටත් කතා කළ සමරවික්‍රම මහතා මේ අයුරින් රූපවාහිනිය නරඹන විට ඒ අයගේ ඇස් පෙනීම ක්‍රමයෙන් දුර්වල වී යන අතර මොළයේ ක්‍රියාකාරීත්වයද දුර්වල වී යන බව නවතම පරීක්‍ෂණ පෙන්වා දී තිබෙනවා.

සිංහල වැසියන්ට ඉවත් වන්නැයි තර්ජන

වවුනියාව කොක්එළිය සංහිඳියාගම රණවිරු ගම්මානයේ වැසියන්ට ගම්මානයෙන් ඉවත්වන ලෙස තර්ජනය කොට පලාගොස් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන 'සින්නවන්' නමැත්තා හා තර්ජනය කිරීමට සම්බන්ධ තවත් අයකු ඊයේ (02දා) කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පලාගොස් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පිළිබඳ වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.