ඉදිරි දින කිහිපයේදී විදුලි බිල ඉහළ යන ලකුණු පහළ වී තිබේ. දැනට පවත්නා නියඟ තත්ත්වය යටතේ විදුලිය සැපැයිය නොහැකි බැවින් පවත්නා ගාස්තු සියයට පහකින් වැඩි කර දෙන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම නිසා විදුලි ගාස්තු ඉහළ යෑමක් සිදුවිය හැකි බවට අනුමාන කෙරේ.
ලංකා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව විමසීමේදී මාධ්‍ය අංශය පැවැසුවේ ඔත්තෝබර් පළමුවැනිදා සිට විදුලිබල මණ්ඩලය සියයට පහකින් විදුලි ගාස්තුව වැඩිකරන ලෙසට ඉල්ලා ඇති බවයි.