නගරවල සිඟමන් යදිමින් ජීවත්වන යාචකයන්ට සහ අහිගුණ්ඨික ජනතාවට ඡන්ද වරම් ලබාදීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
'සැමට ඡන්දය' හිමිකරදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරිසද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඒ සඳහා තම අවධානය මේ වන විට යොමු කර ඇති බව පැවැසීය.




