විග්නේෂ්වරන් මහ ඇමැතිකමින් ඉවතට?

උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්‌ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්‌සෙන අයුරින් උතුරේ... සුළු කණ්‌ඩායමක්‌ සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්‌ෂ දෙකේ බහුතර මතය වී තිබේ.

'දෙමළුනි නැගිටිව' යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.

කාන්තාවන්ට විශේෂයි... රහස්‌ රෝගයක්‌ නොවෙයි

නිරෝගී බව කියන්නේ මිනිසකුට මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභයයි. එය සෑම ගැහැණු පිරිමි පුද්ගලයකුගේම ප්‍රීතිමත් ජීවිතයක ප්‍රධාන රහසයි. පිරිමි පාර්ශ්වයට වැළඳෙන රෝගවලට සාපේක්‍ෂව කාන්තා පාර්ශ්වයට වැළඳෙන රෝගාබාධ විවිධය. 

මේවා අතුරින් කාන්තාවන්ට පමණක්‌ම වැළඳෙන රෝගාබාධද පවතී. මෙම රෝග පිළිබඳ සමාජය එතරම්ම ප්‍රසිද්ධියේ කතාබහ කරනවා අඩුය. එය අප රටේ සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක්‌ වුවත් එම රෝගයන් සැඟවීම යනු ඒවා උඩු දිවීමට ලබාදෙන උදව්වක්‌ බඳු තත්ත්වයකි. ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැම රෝගයද කාන්තාවන් බහුතර පිරිසකට වැළඳෙන රෝගී තත්ත්වයකි.

දුමින්දට උණ: බන්ධනාගාර රෝහලට

මරණීය දණ්ඩනයට නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා හදිසියේ හට ගත් උණ රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවැසුවේ ඉකුත් 28 වැනිදා හදිසියේ ඇතිවූ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත් තවදුරටත් ප්‍රතිකාර කටයුතු සඳහා බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවත්ය.

කෝටි 16ක් වටිනා රෝල්ස් රොයිස් රථය


මෙරට මෝටර් රථ වාහන ඉතිහාසයේ එතෙක් මතෛක් වැඩිම මිල ගෙවූ මෝටර් රථය පසුගියදා මෙරට රේගුවෙන් නිදහස් කෙරුණ පුවත තටු මැවී රට පුරා වේගයෙන් ඉගිලී ගිය බව රහසක් නොවේ.

පාසල් පද්ධතිය ‘ස්මාට්’ වෙයි

මෙරට ලක්ෂ 45ක් වූ සිසු පරපුරට සෙත සලසමින් මුළු පාසල් පද්ධතියම ‘ඩිජිටල් කරණයට‘ ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස ලබන වසරේ සිට මෙරට නාගරික පාසල්වල ‘ස්මාට්’ පන්ති 50ක් ආරම්භ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ සමඟම අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු විෂය ධාරාවල විභාග ආදිය ද ස්මාට් (සුහුරු) ක්‍රමයට පරිවර්තනය කරන බවත් ලේකම්වරයා කියයි.