උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්සෙන අයුරින් උතුරේ... සුළු කණ්ඩායමක් සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්ෂ දෙකේ බහුතර මතය වී තිබේ.
'දෙමළුනි නැගිටිව' යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.




