ඇඹිලිපිටිය, මොරකැටිය ප්රදේශයට එල්ල වූ වන අලි ප්රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස පහර කෑමට ලක්වී ඇත්තේ එම ප්රදේශයේම පදිංචි කාන්තාවක හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
අද(30) උදෑසන ඇඹිලිපිටිය, මොරකැටිය ප්රදේශයට පැමිණි වන අලි දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් පන්නා දැමීමට කටයුතු කර ඇති අතර එහීදී එක් අලියෙකු ලියනෑගම ප්රදේශයටත් අනෙක් අලියා හතේඇළ ප්රදේශයටත් ගොස් තිබේ.




