ඕනෑම ප්‍රමාණයක සිගරට්ටුවක් සඳහා දැනට ක්‍රියාත්මක වන නිෂ්පාදන බද්ද රුපියල් 5/-කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එමෙන්ම බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2,000/- සිට රුපියල් 3,000/- දක්වා වැඩි කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ සලකා බැලීම පිණිස පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි,මෙම සංශෝධන සිදු කර තිබේ.




