මන්ත්‍රී ජයන්ත සමරවිර අත්අඩංගුවට

නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාව මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඔහු නිවාස සංවිර්ධන අධිකාරියේ සභාපතිව සිටිමින් සිදු කළ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධ සිදු කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අද (28) එම කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු පහක දැරියකට පියයුරු පිළිකා සැත්කමක්

ශ්‍රී ලංකාවේ ළාබාලතම දැරියකට සිදුකරන පළමු පියයුරු පිළිකා සැත්කම අද (28දා) මහරගම අපේක්ෂා ජාතික පිළිකා රෝහලේදී සිදුකිරීමට නියමිත බව එම රෝහලේ ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ කණිෂ්ක ද සිල්වා මහතා පැවසීය.

අවුරුදු 5ක වයසකින් යුතු දැරියක් අද එම සැත්කමට මුහුණු දෙන බවත්, එය ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් හෙතෙම පැවසුවේය. ඔක්තෝබර් මාසය පියයරු වැළැක්වීමේ මාසය වන බැවින් ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණෙන් අද (28දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

යෝෂිතට රට යන්න අවසර

මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්‍ෂට (Yoshitha Rajapaksa) මසක කාලයක් සදහා විදෙස් ගතවීමට අධිකරණය අද (28) අවසර ලබා දුන්නා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ යෝෂිත රාජපක්‍ෂ ගොණුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඩේසි ආච්චිගේ ඉඩම මැනීම ඇරඹේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාෂය මගින් ක්‍රියාත්මක කරන නඩු විභාගයක් සදහා ඔහුගේ මිත්තනියක් වන ඩේසි හොනස් වික්‍රමසිංහට අයත්යැයි පැවසෙන ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් මැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම ඉඩම මැනීම සිදු කරන්නේ අධිකරණ නියෝගයකට අනුවයි.

ඇමැති රවි ඇතුළු 14ක් උසාවි කැඳවයි

ලයන් බෲවරි ඇතුළු සමාගම් 4කට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු දහහතර දෙනකුට නියම කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නොතීසි නිකුත් කෙළේය.