නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාව මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඔහු නිවාස සංවිර්ධන අධිකාරියේ සභාපතිව සිටිමින් සිදු කළ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධ සිදු කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අද (28) එම කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.




