අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සිදු කරන ලද විමර්ශන අනුව යහ පාලන රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.
යහපාලන රජයේ ඇමැතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන් 15 දෙනකුට අධික පිරිසක් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බවත් සමහර ඇමැතිවරුන් තුන් හතර වතාවකට වඩා කැඳවා ප්‍රශ්න කර ඇති බවත් හෙතෙම කීවේය.




