තොණ්‌ඩමන් ඇමැතිකමක්‌ ඉල්ලයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා තමන්ට ඇමැති ධුරයක්‌ ලබාදෙන ලෙස දෙවැනි වතාවටත් ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කර ඇත.

පාර්ලිමේන්තු පාරේ පිහිsටි සිය නිවසේ දී පසුගියදා පැවති සාදයකට පැමිණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහලේකම් දුමින්ද දිසානායක හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ගෙන් තොණ්‌ඩමන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.

බදු සමග සිගරැට්‌ටුව රු. 46 ට නගී

රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන බදු ඉහළ දැමීම හේතුවෙන් සිගරැට්‌ටුවක මිල රුපියල් 11 කින් පමණ ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සිගරැට්‌ටුවක්‌ සඳහා 15% වැට්‌ බද්ද සහ තවත් රුපියල් පහක්‌ අය කෙරෙනු ඇතැයි ද පැවසේ.

මහින්ද නුවරඑළියේ නිවාඩුවකට ගිහිල්ලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පහුගිය මේ දවස්වල නුවරඑළියේ සංචාරයක නිරත වෙනවා.ඒ නිවාඩුවක් ගත කරන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස නුවරඑළිය ග්‍රෙගරිවැව අසළ ඇවිදමින් සිටින අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න…

සෝභිත හිමියන් හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.

හොර ලොතරැයි රට පුරා !

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට වෙළෙඳපොළට නිකුත් කරන ටිකට්පත් අතරට ව්‍යාජ ටිකට්පත් ඇතුළත් කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බව අනාවරණය වී තිබේ.

අදාළ ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම පිටුපස ටිකට්පත් මුද්‍රණ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇති මුද්‍රණ සමාගම් සහ ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ද සිටින බවට තොරතුරු ලැබී තිබේ.