ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක් එයි
මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක් පවතින එච් අයි වී/ ඒඩ්ස් රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එච් අයි වී/ ඒඩ්ස් වෛරසය ශරීරගතවීමේ අවදානමක් පවතින කණ්‌ඩායම්වල කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමේ ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.
13 දැරියට අතවර කළ 12 සැකකරු අත්අඩංගුවට
ළඳු කැළෑවකට රැගෙන ගොස් මුදල් ලබා දී වයස අවුරුදු 13 ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12 ක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව ඇත.
එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක් වූ පිරිමි ළමා සැකකරුවකු වූ අතර පියා හැරගොස් මව විදේශගතව ඇති සැකකරු අධික නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ඖෂධ 47ක මිල පහත දමයි
ඖෂධ ( Medicine )47ක මිල ගණන් අඩු කිරීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් විසින් භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 47ක මිල ගණන් ඉදිරියේදී අඩු වනු ඇති.




