සෝභිත හිමියන් හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.

හොර ලොතරැයි රට පුරා !

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට වෙළෙඳපොළට නිකුත් කරන ටිකට්පත් අතරට ව්‍යාජ ටිකට්පත් ඇතුළත් කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බව අනාවරණය වී තිබේ.

අදාළ ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම පිටුපස ටිකට්පත් මුද්‍රණ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇති මුද්‍රණ සමාගම් සහ ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ද සිටින බවට තොරතුරු ලැබී තිබේ. 

රණමඟ ඔස්සේ නන්දිකඩාල් වාර්තාවක් පිහිටුවයි

පසුගියදා එළිදැක්වුණු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත 'රණමඟ ඔස්සේ නන්දිකඩාල්' කෘතිය මේ වනවිට කෙටිම කලකින් වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි කළ කෘතිය බවට පත්වී තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට පැමිණ සිටි පාඨකයින් අතර මෙම කෘතිය මිලදී ගැනීමට තිබුණේ දැඩි උනන්දුවක්.

දින කිහිපයක්ම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා තම පාඨකයින් හමුවීමට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියට පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයින් පෝලිම් ගැසී සිටින ආකාරය දැක ගැනීමට හැකිවුණා.

ආදරෙන් කියන ඕනෑම නමකට මං කැමතියි

උපේක්ෂා මේ වෙද්දිනම් දේශපාලනයෙන් සමු අරන්. නමුත් මව් පදවියට උරුමකම් කියමින් තම සිඟිති දියණියගේ සුරතල් බලන්න දිනගනිමින් ඉන්නවා.ඇයට ඇගේ ඒ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා යැයි අපි සුභාශිංසන එක් කරමින්ම ඇය සමග කතාබහට එක්වුණා.

උපේක්ෂා ”පබා” සඳහා සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මම ප‍්‍රධාන සහය චරිතයක් විදියට රඟපෑ නාට්‍යයක් ”පූජනීය ආදරයක්” කියන්නේ. ඒ සඳහා ෆ්ලෑෂ් බැක් රොෂාන් ප‍්‍රනාන්දු සහ මුතූ තරංගා සමග තමයි මම දායක වුණේ. ඒ මගෙ දෙවනි නාට්‍යය. ”පබා” රචනය කරපු මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින්මයි එයත් රචනා කළේ.

දිනකට FB භාවිතා කරන්නන් 10,000ක් මිය යයි

ලොව පුරා සමාජ ජාල භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය සහ වැඩිපුරම පිරිසක් සැරිසරන අඩවියක් තමයි ෆේස්බුක් (Facebook) සමාජ ජාලය. අදවන විට ෆේස්බුක් ගැන නොදන්නා කෙනෙක් නැහැ.

ඒ හේතුවෙන් 2004 වර්ෂයේ ආරම්භ කරන ලද මේ සමාජ ජාලයට අද වනවිට ලොව පුරා කෝටි 150 ක පිරිසක් සම්බන්ධ වී සිටිනවා. ඒ අතරින් කෝටි 115ක පමණ පිරිසක් දිනපතා පැමිණෙන බවයි පැවසෙන්නේ.