පෙම්වතියට 28 පාරක් පිහියෙන් ඇන්න නරුමයා



ආදරය ලැබුණු තැනදී මල් යහනාවක් වගේ වුනත් නොලැබුණොත් කෙලවර වෙන්නේ ලේ ගංගාවකින්. මේත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්න ඉන්දියාවේ දිල්ලි නගරයේ. තරුණයෙක් තමන්ගේ හිත ගත්ත පෙම්වතියගෙන් ආදරේ ඉල්ලගෙන ඇයගේ පස්සේ යන්න පුරුදුවෙලා හිටියා. ඒත් මේ තරුණිය නම් වැඩේට එච්චර කැමැත්තක් දක්වලා තිබුණේ නෑ.

මහින්දානන්ද යළි රිමාන්ඩ්

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඔහුව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කර ඇත්තේ.

හැදුනුම්පත් කාර්යාලය 27දා සිට බත්තරමුල්ලට

මහජනතාවට වඩාත් කාර්ෂක්ෂම හා ඵලදායි සේවාවක් සැලසීම උදෙසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27 වනදා සිට බත්තරමුල්ල පිහිටි "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් සැප්තැම්බර් 23 හා 26 දිනවලදී හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.27 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් "සුහුරුපාය" නව පරිශ්‍රයේදී ක්‍රියාත්මක වේ.

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.අද උදෑසන කොළඹ 7 නිදහස් මාවතට ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෝටර් රථය පැදවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අධික වේගයෙන් පදවාගෙන ආ මෝටර් රථය ගහක හැපී තිබෙන අතර සිද්ධියෙන් ඔහුට අනතුරක් සිදුව නැත. නමුත් අනාරක්ෂිත ලෙස රිය පැදවූ ඔහුව පරීක්ෂා කිරීමේදී බීමත්ව රිය පැදවූ බවට හෙළිව ඇත.

හිරුණිකාට පිටරට ගමන් තහනම්

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක්‌ තුළදී බලහත්කාරයෙන් තරුණයකු පැහැර ගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධි චෝදනා 24 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ නවවැනි විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනාට විදේශ ගතවීම වැළැක්‌වීමේ නියෝගයක්‌ පනවා ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි කේ. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (21 වැනිදා) නියෝග කළාය.