දැරියකට හදි කළ දෙදෙනා වසර 14කට පසු හිරේ

වසර දාහතරකට පෙර අවුරුදු 14ක පාසල් දැරියක ඇගේ මාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණයට ලක් කළ බවට වරදකරුවන් වූ චුදිතයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එස්. රණවක ගුණතිලක මහත්මිය වසර 17ක හා වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (21) නියම කළාය.

නඩුවේ පළමු චුදිතට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද තුන්වන චුදිතට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළ විනිසුරුතුමිය අතවරයට පත් තැනැත්තියට රුපියල් පනස් දහස බැගින් වූ වන්දි මුදල් ගෙවීමටද චුදිතයන් දෙදෙනාට නියම කළාය.

ශ්‍රී ලංකාවට ලෝකයට ආදර්ශයක් - ඔබාමා කියයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන්නේ පරිවර්තනයක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් බවත් ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා තමන්ට පැවැසූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවේදී පැවැසීය. මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය තවදුටරත් ලබාදීමට ඇමෙරිකාව සූදානම් බව ඇමෙරිකානු ජනපතිවරයා සඳහන් කළ බවයි.

එසේම ඇමෙරිකානු වේලාවෙන් අද (21දා) සවස ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිත අතර සිය කතාවේදී මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳව මෙන්ම කාලගුණ විපර්යාස පිළිබඳව අදහස් දක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉරාජ්ට බුකියෙන් කුණු බැණුම්!

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවට සමාජ ජාල ඇතුළු අන්තර්ජාල පරිශීලකයින්ගෙන් දැඩි අයහපත් ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුළ සමලිංගික නිරුවත් දර්ශන පැවතීම ඊට හේතුව යි.

කෙසේ වෙතත් මෙම මියුසික් වීඩියෝවට හොඳ ප්‍රතිචාර ද ලැබෙමින් පවතින නමුත් අයහපත් ප්‍රතිචාර ගණන වැඩි බැවින් ඒවා නොපෙනෙන තරම් වෙනවා.

27603 කට සරසවි වරම්

නව අධ්‍යයන වර්ෂය සඳහා (2015/2016) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (20 වැනිදා) නිකුත් කරන ලදී.

මෙතෙක්‌ ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාවට ඇතුළත් වීමේ දිස්‌ත්‍රික්‌ ඉසෙඩ් ලකුණු නිකුත් කළද මෙවර ඒ ඒ දිස්‌ත්‍රික්‌කයන්ගෙන් අදාළ පාඨමාලාව පවතින විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය ඉසඩ් ලකුණු නිකුත් කර තිබීම විශේෂත්වයකි. මෙම නව ක්‍රමය අනුව තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය පහසුවෙන් දැන ගත හැකි වේ.

හිරුණිකා අද අධිකරණට

දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවෝ 09ක් අධිකරණය නිකුත් කළ සිතාසි මත ප්‍රථම වරට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති.

විත්තිකරුවනට එරෙහිව නඟා ඇති අධිචෝදනා ඔප්පු කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් 33ක්ද සී. සී. ටී. වී. කැමරා දර්ශන ඇතුළු ලේඛන 05ක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දන්වා ඇත.