මෙරට විරැකියා අනුපාතය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සේවා අංශයේ රැකියා ජනනය ඊට හේතු වී තිබේ. මේ වසරේ පළමු කාර්තුව අවසානයේ දී දිවයිනේ මුළු රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව හැත්තෑනව ලක්ෂ හැටනවදාහක් වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම කාලය තුළ සේවා අංශයේ නව රැකියා 155,638 ක් හා කර්මාන්ත අංශයේ නව රැකියා 72,273 ක් බිහි වී තිබේ.



