ඉලෙක්ට්‍රොනික දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

ඒ අනුව එක් දුම්රිය ස්ථානයකට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර දෙක බැගින් ලබා දීමට සැලසුම් කර ඇති බවත් එමඟින් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගංජා විකුණපු හිමිනමකට දඩ

ගංජා කිලෝ එකයි ග්‍රෑම් විස්සක් (1.020)ක් ළඟ තබාගෙන සිටි හිමිනමකට කෑගල්ල පළාත් බඳ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඊයේ (19දා) රුපියල් 25,000ක දඩයක් හා අත්හිටුවූ සිරදඬුවම් නියම කෙළේය.

මෙලෙස දඩ මුදල් හා සිර දඬුවම් නියම වූයේ වරකාපොළ, තලගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි හිමි නමකටය.

නුවන් කුලසේකර ඇප මත නිදහස්

රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පැය කිහිපයක් තුළ පොලිස් ඇප මත මුදා හරිනු ලැබ තිබේ.

වාර්තාවන ආකාරයට යතුරු පැදියේ ගමන් කර ඇති නිට්ටඹුවේ පදිංචි තරුණයා (28) ගේ නොසැලකිල්ල නිසා යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී පාර මැදට විසිවී තිබෙන අතරඑයට ආසන්න වෙනත් රථයක් ඔහු මගහැර වාහනය ඉවතට ගෙන ඇත. නමුත් පිටුපසින් පැමිණි කුලසේකරගේ වාහනයට තරුණයා යට වී ඇත.තමාට එක්වරම සිදුවූ දේ ගැන තේරුම් ගන්නට බැරිව ගිය බව කුලසේකර පොලිසියට පවසා ඇත.

බුද්ධි අංශ සිව් දෙනෙකුට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණු බවට චෝදනා එල්ලවී ඇති හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ අදාළ නඩුව අද අවිස්සාවේල්ල මහාධිකරණයේදී විභාගවූ අවස්ථාවේදීයි.

දුමින්ද සිල්වා බන්ධනාගාරයේ සිටින විදිය

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීමට ජනසෙත පෙරමු‍ණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.