නුවන් කුලසේකර ඇප මත නිදහස්

රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පැය කිහිපයක් තුළ පොලිස් ඇප මත මුදා හරිනු ලැබ තිබේ.

වාර්තාවන ආකාරයට යතුරු පැදියේ ගමන් කර ඇති නිට්ටඹුවේ පදිංචි තරුණයා (28) ගේ නොසැලකිල්ල නිසා යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී පාර මැදට විසිවී තිබෙන අතරඑයට ආසන්න වෙනත් රථයක් ඔහු මගහැර වාහනය ඉවතට ගෙන ඇත. නමුත් පිටුපසින් පැමිණි කුලසේකරගේ වාහනයට තරුණයා යට වී ඇත.තමාට එක්වරම සිදුවූ දේ ගැන තේරුම් ගන්නට බැරිව ගිය බව කුලසේකර පොලිසියට පවසා ඇත.

බුද්ධි අංශ සිව් දෙනෙකුට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණු බවට චෝදනා එල්ලවී ඇති හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිව් දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

ඒ අදාළ නඩුව අද අවිස්සාවේල්ල මහාධිකරණයේදී විභාගවූ අවස්ථාවේදීයි.

දුමින්ද සිල්වා බන්ධනාගාරයේ සිටින විදිය

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීමට ජනසෙත පෙරමු‍ණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.





ප්‍රභාකරන්ගේ ඇඳුම් ගලවන්නැයි ෆොන්සේකා කිව්වා

"රණබිම ඔස්සේ නන්දිකඩාල්" කෘතිය පිළිබඳ කතාබහ තවමත් අවසන් වී නැහැ.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචනා කළ මෙම කෘතිය මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරඹුණු සැණින් විකිණී අවසන් වීම එයට සාක්ෂියක්.

එහි දෙවන මුද්‍රණය ද වෙළඳපොලට නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් බව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඩිල්ශාන් වැලිකඩ බන්ධනාගාරයට

තම ක්‍රිකට් ඉනිමට සමුදුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.
මෙලෙස ඩිල්ෂාන් බන්ධනාගාරයට ගොස් ඇත්තේ එහි පැවැති වොලිබෝල් මැච් එකක් නැරඹීමටයි.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඔහුගේ facebook ගිණුමට එක් කර තිබුණේ “සිරකරුවොත් මනුෂ්‍යයෝය” යන පාඨයත් සමඟින්.