දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
ඒ අනුව එක් දුම්රිය ස්ථානයකට ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර දෙක බැගින් ලබා දීමට සැලසුම් කර ඇති බවත් එමඟින් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




