නිව්යෝර්ක් නුවර පිපිරීමක් (වීඩියෝ)

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීමකින් විසිපස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා කළේ පිපිරීම සිදු වූ ස්ථානයට ගිනි නිවීම් රථ සහ ගිලන් රථ යොමු කර ඇති බවයි. ග්‍රිනීච් වේලාවෙන් අද (18) අලුයම 01.00 ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

නිල ඇඳුම් වව්චර් නොවැම්බරයේ

නිල ඇඳුම් ලබා ගැනීම සඳහා වන වව්චර් පත් නොවැම්බර් මස මුල් සතියේ දී සිසුන් අතට පත් කිරීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය වසරේ මෙන් නොව මෙවර වව්චර් පත් ලබා ගැනීම සඳහා දෙමව්පියන්ට පාසලට පැමිණීමට හෝ වව්චර් පතේ අත්සන් කිරීමට හෝ අවශ්‍ය නොවන අතර පන්ති භාර ගුරුවරයා පවත්වාගෙන යන ලේඛනයේ වව්චර් පත භාරගත් බවට අදාළ ශිෂ්‍යයා අත්සන් කිරීම ප්‍රමාණවත් වන්නේය.

ITN ‘ඇඩල්ට්ස් ඔන්ලි’ පෙන්නන්න යනවලු

පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.

එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි. ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක් එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.

දිනේෂ් චන්දිමාල් හදිසි අබාධයකට ලක් වෙයි

කිලිනොච්චියේ මහ ගින්නක්

කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා.

ගින්න මේ වන විට යම්තාක් මැඩ පවත්වා ඇති අතර තිබූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නෑ. ප්‍රදේශවාසීන් හා හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහ කළ බවද වාර්තා වනවා.