ITN ‘ඇඩල්ට්ස් ඔන්ලි’ පෙන්නන්න යනවලු

පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.

එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි. ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක් එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.

දිනේෂ් චන්දිමාල් හදිසි අබාධයකට ලක් වෙයි

කිලිනොච්චියේ මහ ගින්නක්

කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා.

ගින්න මේ වන විට යම්තාක් මැඩ පවත්වා ඇති අතර තිබූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නෑ. ප්‍රදේශවාසීන් හා හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහ කළ බවද වාර්තා වනවා.



මහ වැව් සියල්ල සිඳී යන ලකුණු

මේ දිනවල රජරටට බලපා ඇති අධික නියඟය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති වැව් සියල්ලගෙම පාහේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය වැවේ ජල මට්ටම 29%ක්, කවුඩුල්ල වැවේ ජල මට්ටම 32.6%ක්, ගිරිතලේ වැවේ ජල මට්ටම 38.8%ක්, පාරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 49%ක් දක්වාද ජල මට්ටම පහත වැටී ඇත. මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 25,000ක් පමණ උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ.

අනියම් බිරිඳගේ බාලවයස්‌ දියණිය අඹුකමට අරන්

අනියම් බිරිඳගේ පහළොස්‌ හැවිරිදි බාලවයස්‌ දියණියට අතවර කළ පුද්ගලයා ලබන 26 වැනිදා දක්‌වා දින 13 ක්‌ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අයි. එම්. එස්‌. බී. ඉලංගසිංහ මහතා 13 වැනිදා නියෝග කළේය.

දූෂණයට ලක්‌වූ දැරිය ඇගේ මිත්තණිය වෙත භාර දෙන ලෙසත් නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළේ එප්පාවල ඉහළහල්මිල්ලෑව පදිංචි එස්‌. දසනායක 38 නමැත්තෙකුය. වයස අවුරුදු 34 ක්‌වූ කාන්තාවකගේ අනියම් පුරුෂයා කාන්තාව සමග අමනාප වී ඇගේ දියණිය සමගද අනියම් සම්බන්ධකම් පවත්වා පාසල් යමින් සිටියදී මෙම දියණිය සමඟ මෙම සැකකරු රහසිගතව කොළඹ ප්‍රදේශයට ගොස්‌ අඹු සැමියන් වශයෙන් ජීවත් වී තිබේ.