භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.




