එක්‌සත් ජාතික පක්‍ෂ හිටපු මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් ඊයේ (9 දා) පස්‌වරුවේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
2014.12.22 වැනිදා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්‍ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂයේ ජනාධිපති අපේෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ පනත හා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකළේ යෑයි එමගින් චෝදනා නගා තිබිණි.




