පෙම් යුවලකට පන්න පන්න පහරදුන් හැටි - වීඩියෝ

වරදක් දැක්කම, එහෙමත් නැත්නම් වැරැද්දක් කළාම ඒක නොදැක්කා වගේ ඉන්නවානම් ඒකත් වැරැදක්. නමුත් හරිවැරැද්ද තේරුම් නොගෙන සදාචාරය පැත්තකට දාලා ඒකට ප්‍රතිඋත්තර දෙන්න යනවානම් එතනත් වරදක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ.

අපි මේ විදිහට වැරදි ගැන කියන්න හිතුවේ පසුගිය දවසක තරුණ පෙම් යුවළකට පහරදීමේ සිද්ධියක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබීම.

උදය ගම්මන්පිලට නොතීසි

විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස්‌ කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක්‌ උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස්‌ අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක්‌ සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා හතරක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් 1 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

මිතුරකුගේ නිවසට ගෙන ගොස්‌ පෙම්වතියට අතවර

දාහතර හැවිරිදි තම පෙම්වතිය මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පහළොස්‌ හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්‌වූ දැරිය මොනරාගල නගරයේ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන අතර අපරාධය සිදු කළ ශිෂ්‍යයා වැදිකුඹුර ප්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබති.

13 කෙල්ලට ලිංගික අතවර

දහතුන් හැවිරිදි තම පෙම්වතියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 'රන් මහත්තයා' නමින් හඳුන්වන විසි හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පාසල් ශිෂ්‍යාවක වන ඇය රාත්‍රි කාලයේදී මවුපියන් නින්දට ගිය පසු නිවෙසින් එළියට විත් පෙම්වතා සමඟ අවස්ථා කීපයකදී අඹු සැමියන් ලෙස හැසිරී තිබේ.එසේ නිවෙසින් පිටත පෙම්වතා සමඟ සිටිනු අයුරු දැරියගේ මව දැක සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසියට පැමිණිලි කර තිබේ.

එජාපයට 70 පිරෙයි

එක්සත් ජාතික පක්ෂයට අදට වසර 70ක් සපිරෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ඇතුළු සියලු ජාතීන්ගේ සහභාගිත්වයෙන් මෙරට දැවැන්ත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බිහිවූයේ 1946 සැප්තැම්බර් මස 6දාය.

එජාප 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද ඊයේ (5දා) දහවල 70 නමක් මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පිරිනමනු ලැබීය.