නරකම ගුවන්තොටුපොළ 10 අතරට කටුනායකත්

ආසියානු රටවල් අතර ඉතා දුර්වල ගුවන් තොටුපොළ අතරින් දසවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළයි.

මේ බව වාර්තා කරන්නේ විදෙස් වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකිනි. එම වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ආසියාවේ දුර්වලම ගුවන් තොටුපොළ ලෙස දක්වා තිබෙන්නේ නේපාලයේ කත්මණ්ඩු ත්‍රිබුවාන් අන්තර් ජාතික ගුවන් තොටුපොළය. දෙවැනි ස්ථානයේ පසුවන්නේ උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොළයි.

අවුරුදු 7ක දරුවෙකුට අමානුෂික ප්‍රහාරයක්

සිය කුඩම්මා විසින් උණු වතුරෙන් පිළිස්සු බව කියන මස්කෙළිය ප්‍රදේශයේ වතු නිවාස පෙළක ජීවත්වු කුඩා පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම දරුවාගේ මුහුණ සහ දෙඅත් දැඩි ලෙස පිළිස්සී ඇත.

T20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලියට සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඒ අනුව කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජයද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සුරංග ලක්මාල්. තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රජිත, දසුන් ශානක තරගාවලියට ඇතුලත් ක්‍රීඩකයන්ය.

හිමිනමකට දානය පිළිගන්වන ඇත් රංචුව

වනාන්තරයක භාවනායෝගීව වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට ඇත් රංචුවක් විසින් දන් පළිගන්වන මේ ඡායාරූප පෙල මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
බුදු දහම හා සතා සිව්පාවන් සමග ඇති බැඳීම් කිසිදිනක නොබිදුණු සමීප සබඳතාවක් බව පෙන්වන මේ ඡායාරූප පෙල තායිලන්තය වැනි රටක බවට අනුමාන කළ හැකියි.


කොහොම වුණත් මේ ඡායාරූප පෙල දුටු විට සෑම සිතකටම ඉතාමත් සමීප බවක් දැනෙනු නොඅනුමානය.

සිසුවියක් ගෙල වැලලාගෙන මිය යයි Video

මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල ජනපදයේ පහළොස් හැවිරිදි පාසල් දැරියක් තම නිවසේ තාවකාලිකව ඉදිකර තිබෙන කාමරයක ගෙල වැලලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසුවා.

අද (05) අලුයම 5.30 ට පමණ දෙමාපියන් අවදි වි තම දියණිය සොයන අවස්ථාවේ ඇය ගෙලවැලලාගෙන මියගොස් ඇති බවයි දෙමාපියන් පවසන්නේ. මියගිය සිසුවියට තව එක් සොහොයුරෙක් පමණක් සිටින අතර එම දැරියගේ පියා විදේශ රැකියාවක නිරතව සිට මැතකදි නිවසට පැමිණ තිබෙනවා.