ආසියානු රටවල් අතර ඉතා දුර්වල ගුවන් තොටුපොළ අතරින් දසවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළයි.
මේ බව වාර්තා කරන්නේ විදෙස් වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකිනි. එම වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ආසියාවේ දුර්වලම ගුවන් තොටුපොළ ලෙස දක්වා තිබෙන්නේ නේපාලයේ කත්මණ්ඩු ත්රිබුවාන් අන්තර් ජාතික ගුවන් තොටුපොළය. දෙවැනි ස්ථානයේ පසුවන්නේ උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොළයි.




