සිසුවා ‍පොලිස් වබේ අඩවියටත් රිංගලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වබේ අඩවියට ඇතුළු වූ පාසල් සිසුවා මීට පෙර ශ්‍රී ලංකා ‍පොලිසියේ නිල වබේ අඩවියටද ඇතුළු වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මීට මාසයකට පෙර මොහු එම වබේ අඩවියට ඇතුළු වී ඇති අතර එසේ ඇතුළු වී එම වබේ අඩවියේ එක් කොටසක සයිබර් ප්‍රහාරයක් බවට හැඟවෙන ලාංඡනයක්ද දමා ඇත. එහෙත් එය ප්‍රදර්ශනය වී නොමැති අතර ඉන්පසු මොහු ඇතුළු වී නොමැත.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධවද හෙළිව ඇත්තේ මෙම පරීක්ෂණය සිදුකරන අතරතුරේදීය. අත්අඩංගුවට ගත් පාසල් සිසුවාටත් අනෙක් සැකකරුටත් පසුගිය සිකුරාදා අධිකරණයෙන් ඇප ලබා දෙන ලදී.

දුම්රිය පීල්ලක හිස තියාගෙන නිදාගෙන!

රාජකාරි නිමවී මිතුරන් සමඟ සාදයකට එක්වී මහ රෑ නිවෙසට පැමිණ බිරිය සමඟ රණ්ඩු වී වෙරි මරගාතේ දුම්රිය මාර්ගයේ නිදා සිටි සිවිල් ආරක්ෂක භටයකු ඉකුත් 02දා අලුයම මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද, රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සම්මු ගයාන් උපුල් සිල්වා (28) නම් එක්දරු පියෙකි.

ජය ඔස්ට්‍රේලියාවට

Australia won by 5 wickets
ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලිය 3ට-0ක් ලෙස පරාජයට පත්වුවද එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.

ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින අවසන් තරගය කඩුළු 5කින් ජය ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු195ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පන්දුවාර 43දී කඩුළු 5ක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්ට ප්‍රහාරයක්

මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නනේ කිසියම් පිරිසක් විසින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් රෝහල්ගත කර ඇති බවයි.

මේ වන විටත් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පාක්ෂිකයින් කලකිරිලා

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ කලකිරීමක් ඇති වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ සිටින ප්‍රබලයින් සංවිධායක ධූරවලින් ඉවත් කිරීම ඊට හේතු වී ඇති බවයි.