කොල්කටා නගරය කේන්ද්‍ර කොටගෙන ඉන්දියාවේ දුගී ජනතාවට පිළිසරණ වෙමින් ඉමහත් මෙහෙවරක නිරතවූ තෙරේසා මව්තුමිය අද සිට නිල වශයෙන් ශාන්තුවරියක බවට පත් කෙරිණ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවති උත්සවයකදී ඇය මෙලෙස ශුද්ධවරයට ඔසවා තැබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ.
නමුත් ඇතැම් පිරිස් ඇය ශාන්තුවරයට එසවීමට ඇති සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කලේය.




