පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය නිල බලය අයුතු ලෙස යොදවා අයථා අන්දමින් රුපියල් මිලියන 45ක මුදලක් උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙකක අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ ප්‍රභාත් ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා වහාම අත්අඩංගුවට ගැනීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.
එම වරෙන්තු නියෝගය ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එහිදී වැඩිදුරටත් නියෝග කළේය.




