එජාපය පුංචි ඡන්දයට තනිවම

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තනිව තරග කිරීමට කටයුතු කරන බව පක්ෂ මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය.පළාත් පාලන ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඒ සඳහා නාමයෝජනා කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් මහ ‍ලේකම්වරයා අවධාරණ්‍ය කළේය.

පෙර මැතිවරණවලදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදුණු කිසිදු දේශපාලන පක්ෂයක් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග වදින බවට පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කපුවා කපෝති

තම පියාට වැලඳී ඇති මානසික රෝගයක් සුව කිරීම සඳහා තමා සමඟ ලිංගිකව එක්විය යුතු බව පවසා දියණියන් දෙදෙනකු දූෂණය කළ බව කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ පවත්වන බව කියන පුවතක් අප වාර්තා කළේය.

කපුවෝද වර්ග රැසක් සිටිති. සමහර කපුවෝ යන්ත්‍ර - මන්ත්‍ර, ගුරුකම් කරති. සමහරු මඟුල් කපුකම් කරති.

අතුරුගිරිය පැත්තේ එවැනි මඟුල් කපුකම් කරන පුද්ගලයකු පළාතේ තරුණියකට මඟුල් කපුකමක් කළේය. මනාලයා කොට්ටාව පැත්තේ තරුණයෙකි.

මහින්ද රට යන හේතුව රාජිත හෙළි කරයි

හිටපු ජනාධිපතිවරයා වරින්වර විදෙස් ගත වන්නේ එතුමාගේ ඇඟේ එල්ලී බුදුවීමට දඟලන විමල් වීරවංශ ඇතුළු පිරිසගෙන් එතුමාට එල්ලවන බලපෑමෙන් මිදීමට බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාව සෑම තැනම ඔසවාගෙන යමින් මේ පිරිස බලපෑම් එල්ල කරන නිසා ඒවායෙන් මිදීමට විදෙස් ගතවී සිටීම ඉතා හොඳ යැයි එතුමාද පවසා තිබෙන බවද පැවැසූ අමාත්‍යවරයා රාජපක්‍ෂ මහතාගේ මෙම විදෙස් ගමන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද අවධාරණය කළේය.

අවුරුදු 13 කෙල්ලට අරක්කු පොවලා දූෂණය කරලා

මඟතොටේදී හමුවූ හදිසි පෙම්වතකු විසින් අවුරුදු 13යි මාස 5ක් වයසැති ළාබාල තරුණියක මාවනැල්ල නගරයේ සැණකෙළියක් නැරැඹීමට යැයි පවසා කැඳවාගෙන ගොස් උස්සාපිටිය ප්‍රදේශයේ ලැඟුම් හලකදී මත්පැන් පොවා දූෂණයට ලක්කොට සැණකෙළි බිමේ අතරමං කර දමා යෑමෙන් පසු එහිදීද කීප දෙනකුගේ අතවරයට ලක්ව සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් අරණායක පොලිසියට වාර්තා වී ඇත.

කැනඩාවට යැවූ CCTV දර්ශනවල සවිස්තර වාර්තාව අධිකරණයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියානු රසායනාගාරය වෙත රැගෙන ගිය සී. සී.ටී. වී දර්ශනවල සවිස්තර වාර්තාව රහස් පොලිසිය විසින් මුද්‍රා සහිතව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. 

කැනඩාවේ වැන්කුවර්හි පිහිටි බ්‍රිටිස් කොලොම්බිය තාක්ෂණික ආයතන පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකි මහතා වෙත ඉකුත් 19 වන දින රැගෙන ගිය සී. ඩී. තැටි 10ට අදාළ ප්‍රශ්න මාලාවට පිළිතුරු සපයමින් මෙම සවිස්තර වාර්තාව මුද්‍රා සහිතව අධිකරණය වෙත බාර දුන්නේය.