හිටපු ජනාධිපතිවරයා වරින්වර විදෙස් ගත වන්නේ එතුමාගේ ඇඟේ එල්ලී බුදුවීමට දඟලන විමල් වීරවංශ ඇතුළු පිරිසගෙන් එතුමාට එල්ලවන බලපෑමෙන් මිදීමට බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව සෑම තැනම ඔසවාගෙන යමින් මේ පිරිස බලපෑම් එල්ල කරන නිසා ඒවායෙන් මිදීමට විදෙස් ගතවී සිටීම ඉතා හොඳ යැයි එතුමාද පවසා තිබෙන බවද පැවැසූ අමාත්‍යවරයා රාජපක්ෂ මහතාගේ මෙම විදෙස් ගමන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද අවධාරණය කළේය.




