මහින්ද රට යන හේතුව රාජිත හෙළි කරයි

හිටපු ජනාධිපතිවරයා වරින්වර විදෙස් ගත වන්නේ එතුමාගේ ඇඟේ එල්ලී බුදුවීමට දඟලන විමල් වීරවංශ ඇතුළු පිරිසගෙන් එතුමාට එල්ලවන බලපෑමෙන් මිදීමට බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාව සෑම තැනම ඔසවාගෙන යමින් මේ පිරිස බලපෑම් එල්ල කරන නිසා ඒවායෙන් මිදීමට විදෙස් ගතවී සිටීම ඉතා හොඳ යැයි එතුමාද පවසා තිබෙන බවද පැවැසූ අමාත්‍යවරයා රාජපක්‍ෂ මහතාගේ මෙම විදෙස් ගමන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද අවධාරණය කළේය.

අවුරුදු 13 කෙල්ලට අරක්කු පොවලා දූෂණය කරලා

මඟතොටේදී හමුවූ හදිසි පෙම්වතකු විසින් අවුරුදු 13යි මාස 5ක් වයසැති ළාබාල තරුණියක මාවනැල්ල නගරයේ සැණකෙළියක් නැරැඹීමට යැයි පවසා කැඳවාගෙන ගොස් උස්සාපිටිය ප්‍රදේශයේ ලැඟුම් හලකදී මත්පැන් පොවා දූෂණයට ලක්කොට සැණකෙළි බිමේ අතරමං කර දමා යෑමෙන් පසු එහිදීද කීප දෙනකුගේ අතවරයට ලක්ව සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් අරණායක පොලිසියට වාර්තා වී ඇත.

කැනඩාවට යැවූ CCTV දර්ශනවල සවිස්තර වාර්තාව අධිකරණයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියානු රසායනාගාරය වෙත රැගෙන ගිය සී. සී.ටී. වී දර්ශනවල සවිස්තර වාර්තාව රහස් පොලිසිය විසින් මුද්‍රා සහිතව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. 

කැනඩාවේ වැන්කුවර්හි පිහිටි බ්‍රිටිස් කොලොම්බිය තාක්ෂණික ආයතන පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකි මහතා වෙත ඉකුත් 19 වන දින රැගෙන ගිය සී. ඩී. තැටි 10ට අදාළ ප්‍රශ්න මාලාවට පිළිතුරු සපයමින් මෙම සවිස්තර වාර්තාව මුද්‍රා සහිතව අධිකරණය වෙත බාර දුන්නේය.

ඔස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති සිවුවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 213ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ ඕවර 19ක් ඉතිරි කරගෙන කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගමාලාවද 3 – 1කින් ජය ගත්තේය. ශ්‍රී ලංකාව ලකුණු 212කට දැවී ගිය අතර ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 217ක් රැස් කළේය.

ජෝජ් බේලි හතරේ පහර 11ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 85කින් ලකුණු 90ක් ලබා ගත්තේය. ලකුණු 45කට කඩුලු 6ක් ලබා ගත් ජෝන් හැස්ටින්ග්ස් ‘තරගයේ වීරයා’ විය.

දඹුල්ල ක්‍රීඩාංගණයේ ගස් කපයි

පසුගියදා ටී.එම්. දිල්ෂාන්ගේ අවසන් එක්දින තරඟය පැවති දඹුල්ල ක්‍රීඩාංගනය අවට ගස්වලද නැගී පිරිසක් තරඟය නරඹනු අපට දැනගන්න ලැබෙනවා.

මේ වන විට එම ගස්වල අතු පාත්වී තරඟය නරඹන්නට පිටියට පැමිණෙන අයට බාධා ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබූ එක් ගසක් කපා ඉවත් කරන්නට ක්‍රීඩා පිටිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.