අමුතු වැඩ උගන්නපු භික්ෂුව රිමාන්ඩ්

ඇල්පිටිය පොලිස් වසමට අයත් දිවිතුර ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩ සිටින කුඩා භික්ෂුන් වහන්සේ හතර නමකට හා එහි සිටින බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ චීවරධාරියකු සැප්තැම්බර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.

එම ආරණ්‍යයේ විහාරාධිපති ලෙස වැඩසිටි මෙම චීවරධාරියා 27 හැවිරිදි අයෙකි. වයස අවුරුදු 16ට වඩා අඩු කුඩා සාමණේරයන් වහන්සේ හතර නමක් සහ අවුරුදු දහසයට අඩු පිරිමි ළමයකු මෙහි සිට ඇති අතර සැකකාර චීවරධාරියා මෙම පස්දෙනාටම වරින් වර ලිංගික අතවර කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ලංකාව සතුව තිබු ලෝක වාර්තාව එංගලන්තයට

එංගලන්තය සහ පකිස්තානය අතර ඊයේ පැවති එක්දින තරගයේදී ශ්‍රී ලංකාව සතුව තිබු ලෝක වාර්තාවක් බිඳ දැමීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

2006 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 443ක් ලබා ගත්තා. එය තමා එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය.

උඩුවේ හිමිට විදේශ ගතවෙන්න අවසර

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ චෝදනාවට ඇප ලබාදීමේ දී උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබුණි.

මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා

යාපනය මහනුවර ඒ - 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදුපිළිම 02ක් ඊ‍යේ (29) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.

අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදුපිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා තිබී ඇත.

ජනපතිගේ නම බල්ලෙකුගේ ඇඟේ ලියූ අයෙක් අත්අඩංගුවට

රටෙහි ජනාධිපතිවරයාගේ නම සිය සුරතල් සුනඛයාට දමා ඉන් නොනැවතී සුනඛයාගේ ශරීරයේ දෙපසම එම නම පින්තාරු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නයිජීරියානු වැසියා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමය කඩකිරීමේ චෝදනාව මත යි.