උඩුවේ හිමිට විදේශ ගතවෙන්න අවසර

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ චෝදනාවට ඇප ලබාදීමේ දී උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබුණි.

මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා

යාපනය මහනුවර ඒ - 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදුපිළිම 02ක් ඊ‍යේ (29) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.

අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදුපිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා තිබී ඇත.

ජනපතිගේ නම බල්ලෙකුගේ ඇඟේ ලියූ අයෙක් අත්අඩංගුවට

රටෙහි ජනාධිපතිවරයාගේ නම සිය සුරතල් සුනඛයාට දමා ඉන් නොනැවතී සුනඛයාගේ ශරීරයේ දෙපසම එම නම පින්තාරු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නයිජීරියානු වැසියා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමය කඩකිරීමේ චෝදනාව මත යි.

හරක් වගේ හැසිරෙන්න එපා - චන්ද්‍රිකා

ඊයේ (29) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

පසුගිය රජය සමයේ මුල්ගල් තැබුණු එම ගොඩනැගිල්ල හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් පිරිසක් නිට්ටඹුව නගරයේදී උද්ඝෝෂණයක් නිරත විය.

ඩිල්ෂාන් වෙනුවට සචිත් පතිරණ

එක්දින පිටියට සමුදුන් තුන් ඉරියව් සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට යොවුන් ක්‍රීඩක සචිත් පතිරණ එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

සචිත් පතිරණ සැලකෙන්නේ තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු දඟ පන්දු පවන්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද දේශීය ක්‍රිකට් පිටියේදී සුපිරි දක්ෂතා දක්වා තිබෙනවා.