හරක් වගේ හැසිරෙන්න එපා - චන්ද්‍රිකා

ඊයේ (29) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

පසුගිය රජය සමයේ මුල්ගල් තැබුණු එම ගොඩනැගිල්ල හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් පිරිසක් නිට්ටඹුව නගරයේදී උද්ඝෝෂණයක් නිරත විය.

ඩිල්ෂාන් වෙනුවට සචිත් පතිරණ

එක්දින පිටියට සමුදුන් තුන් ඉරියව් සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට යොවුන් ක්‍රීඩක සචිත් පතිරණ එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

සචිත් පතිරණ සැලකෙන්නේ තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු දඟ පන්දු පවන්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද දේශීය ක්‍රිකට් පිටියේදී සුපිරි දක්ෂතා දක්වා තිබෙනවා.

CCTV දුන්නට දාපු චන්ඩි පාට් - Video

තරුණයෙකුට මරු කැඳවු පාදුක්ක මලගල මාර්ගයේ සිදුවු අනතුරට අදාල සි.සී.ටී.වී දර්ශන පොලිසියට ලබාදිමට එරෙහිව තමන්ට තර්ජන එල්ලවන බව එම නිවැසියන් පවසනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.

පාදුක්ක මලගල මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් කැබ් රථයක ගැටී සිදුවු මෙම අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු පසුගිය 16 වැනිදා මරණයට පත්වුණා. සාදයක් පැවති නිවසක සිට පිටත්වන කැබ් රථයක යතුරුපැදිය ගැටෙන ආකාරය අසල නිවසක සි.සී.ටී.වී කැමරාවක ඉතා පැහැදිලිව සටහන් වි තිබුණා.

ශිෂ්‍යයා පරිවාසයට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලවෙබ්අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු අද (30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. (29දා) දිනයේදී මෙම සිද්ධියට අදාළව කඩුගන්නාව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම පාසල් සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව මෙම සිද්ධියට අනුබල දුන් මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.

අරක්කු පෙරූ ඉංජිනේරුවා අත්අඩංගුවට

කඳාන පොලිස් බලප්‍රදේශයේ කලඑළිය ප්‍රදේශයේ නවීන තාක්ෂණය ආධාරයෙන් නීති විරෝධී අරක්කු භාවිත කර විදේශීය අරක්කු නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශ ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය 28 දා කටයුතු කර තිබුණි.

මීට මාස කීපයකට පෙර අංක 57/2, දෙවන පටුමග කලඑළිය, ජා-ඇළ පිහිටි සුපිරි නිවස කුලියට ගෙන තිබූ මෙම සිවිල් ඉංජිනේරුවා කූලර් රේඩියේටර් මැෂින් භාවිතා කර විදේශීය ප්‍රසිද්ධ මත්පැන් බෝතල් මිලට නීති විරෝධී මත්පැන් සූක්ෂම ලෙස පාටකර පුරවා දේශිය වෙළෙඳ පොළට අලෙවි කිරීමේ ජාවාරමක නියැළී සිට ඇත.